උතුරු ඉන්දියාවේ කේදර්නාත් සහ බද්රිනාත් ප්‍රෙදේශයන්හි වන්දනා මාර්ගයන් හි දෙපස ජීවත් වූ මිනිසුන්ට රාත්‍රිය යනු මරණයම විය. ගර්හිවාල් හි කදුකර මාර්ගයන්හි ගමන් ගන්නා පිරිස් හට ඉතා භයානක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුයේ දිවියෙකු නිසා ය. පසුව රුද්‍රප්‍රයාග්හි මිනී කන්නා ලෙස ප්‍රචලිත වු මෙම දිවියා 1918 සිට 1926 දක්වා පුද්ගලයන් 125 කට අධික සංඛ්‍යාවක් දඩයම් කිරීමට සමත් විය. මෙම සංඛ්‍යාව ඊට වඩා විශාල අගයක් ගන්නේ, වාර්තා නොවු මරණ සහ තුවාල ලබා පසුව මියගිය පුද්ගලයින් නිසා ය. මෙම අවු. 8 ක කාලසීමාව තුල බොහෝ ගම්වැසියන් තම නිවෙස් අත්හැර ගියෝය. රාත්‍රී කාලයේ ගමන් කිරීමට ඉතා බියක් දැක්වූයේ ය. යාත්‍රීකයන් හිමාලයේ ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර විය. දිවියා තම දඩයම් මාලාව ආරම්භ කරන්නේ 1918 වර්ශයේ බෙන්ජි ගම්ම්මානයෙන් වාර්ථා වූ පලමු මරණයත් සමගය. දිගින් අඩි 7 සහ අඟල් 6 වු දිවියා අනෙක් දිවියන්ට සාපේක්ෂව විශාල වු අතර මිනිමස් රසයට පමණක් ආකර්ෂණය විය. සාමාන්‍යයෙන් දිවියන්, මුවන් අතුලු අනෙක් වනසතුන් දඩයම් කරන්නේය. නමුත් මෙම දිවියා ගම්මාන වලට ඇතුළු වී ගම්වාසින්ගේ පැල්පත් වල දොරවල් සහ ජනේල කඩා ඇතුළු විය. සමහර අවස්ථාවන් හි කටුමැටි බිත්ති මතින් වහලයට නැග ඉන් ඇතුළු වී තම ගොදුර වනයට ඇදගෙන ගියේ ගම්වාසින් තවදුරටත් ඉතා බියට සහ පීඩාවට පත්කරමින්ය.

වසර ගණනාවක් ඉන්දියානූ රජය සහ ප්‍රෙදේශවාසින් මෙම දිවියා මරාදැමිමට උත්සාහ කලද එය අසාර්ථක විය. පසුව ගූර්කා ඒකක, බ්‍රිතාන්‍යය භටයන් සහ එකල දක්ෂ දඩයම්කරුවන් දිවියා දඩයම් කිරීමට යොදාගන්නා ලදි. ඒ සදහා ත්‍යාග මුදලක් පවා ප්‍රදානය කිරීමට රජය තීරණය කළේය. ඔවුන් විසින් එම ප්‍රෙදේශය සෝදිසි කර, උගුල් අටවා, වස දැමූ ආහාර භාවිතා කලද, දිවියාට උගුල් වලින් බේරී, වස නොකා, ක්‍රියාකාරි ලෙස මිනිසුන් දඩයම් කිරිමට තරම් බුද්ධියක් සහ හැකියාවක් තිබුණේය. එමනිසා ගම්වාසීන් මෙය අදෘශයමාන බලයක් ලෙස සලකා යාගහෝග කිරිමට පවා පෙළඹුණි.
ජිම් කොර්බට්ගේ අවසාන දඩයම
එඩ්වර්ඩ් ජේම්ස් කොර්බට් නොහොත් ජිම් කොර්බට් යනු 1875 ජූලි 25 ඉන්දියාවේ විසූ බ්‍රිතාන්‍ය හමුදා පවුලකට උපන් අතිදක්ෂ දඩයම්කරුවෙක්. ඔහුගේ විශේෂත්වය වූයේ භයානක සතුන් දඩයම් කලේ විනෝදාස්වාදය සදහා නොවේ. අනෙක් දඩයම්කරුවන්ට මරාදැමිමට නොහැකි සාමාන්‍ය ජනජීවිතයට බාධාකරන මෙවැනි සතුන් දඩයම් කිරීමට ඉදිරිපත් වූයේ මොහුය. .275 රිග්බි-මෞසර් රයිෆලයක් ගෙන ඔහු තනිවම දිවි දඩයම ආරම්භ කළේය. ඒ සදහා වු ත්‍යාග මුදල ඔහු ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සති දහයක පමණ කාලයක් වනය තුලම රැදෙමින් දිවියාගෙ අඩිපහර ඔස්සේ හඹා ගියේය. කොර්බට්ගේ ක්‍රමය අතිශයින්ම විධිමත් විය. ඔහු දිවියාගේ චර්යාධර්ම හොදින් අධ්‍යයනය කළේය. එළුවන් බැඳ උගුල් ඇටවුයේය, නැවුම් පා ලකුණු හඹා ගංගා සහ කදු අතරින් ගමන් කලේය. අවසානයේ 1926 මැයි 2 රාත්‍රියේදී, අලක්නන්දා ගඟ අසබඩ ජලය බොන දිවියා දැක, කොර්බට් මාරාන්තික වෙඩි පහරක් එල්ල කලේය. පෙර සටන්වලින් තුවාල ලබා සුවපත්වූ කැළැලි සහිත වයස්ගත පිරිමි දිවියා කෙටි සටනකින් පසු බිම ඇඳවැටිණි. මෙලෙස දිවියන්, කොටියන්, සිංහයින් වැනි සතුන් මිනිසුන් පමණක් දඩයම් කිරීමට පෙලඹෙන්නෙ වයස්ගත වීම නිසා හෝ දත්, නියපොතු හෝ අත්පා වලට හානි සිදුවී ඇත්නම් පමණි. දිවියාගෙ සිරුර පරීක්ෂා කල කොර්බට් ට එවැනි කිසිදු හානියක් දකින්නට නොලැබුණු අතර දිවියා මිනිස් දඩයම ආරම්භ කර ඇත්තේද තරුණ අවධියේ සිටය. මෙය ඔහුට ප්‍රශ්නයක් විය. වැඩිදුරත් සොයාබැලූ ඔහු නිගමනයකට පැමිණීයේය. එනම් මෙම දිවියා කුඩා කාලයේදී එම ප්‍රෙදේශයේ කොළරාව වසංගතය ව්‍යාප්ත වී ඇති අතර විශාල මිනිසුන් සංඛ්‍යාවක් මරුමුවට පත්වී ඇත. සිරුරු සියල්ල බූමදානය කල නොහැකි බැවින් ගම්වාසින් එම සිරුරු වනයට දමා ඇත. මෙම දිවියා පැටවා කාලයෙදි එම මිනිස් සිරුරු ආහාරයට ගෙන ඇත. කොළරාව වසංගතය අවසන් වීමෙන් පසු මලසිරිරු නොැති හෙයින් මිනිසුන් දඩයම් කිරීමට පටන්ගෙන ඇත. ජිම් කොර්බට් පසුකාලීනව වනසතුන් සංරක්ෂකයෙකු වූ අතර ඔහු විසින් ලියන ලද The man-eating leopard of Rudraprayag කෘතියේ මෙම දඩයම පිලිබඳ සම්පූර්ණ කතාව අන්තර්ගත වේ.


